බිඳ වැටුණු ඉනිම ගොඩගත් කොදෙව්වන්ගෙන් 177ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරගය මේ වන විට ඉන්දියාවේ, අහමදාබාද්හිදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයගත් දකුණු අප්‍රිකාවේ පළමුවෙන් පන්දු යැවීමේ තීරණය සාධාරණයක් කරමින් කොදෙව් ඉනිමේ ලකුණු 83කට කඩුලු 07ක් බිද හෙලීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත් එතැන් පටන් තරගයේ පාලනය සියතට ගත් රොමාරියෝ ෂෙපර්ඩ් සහ ජේසන් හෝල්ඩර් කොදෙව් ඉනිම පන්දුවාර 20 අවසානයේ ලකුණු 177ක් දක්වා ඔසවා තැබුවා.

ජේසන් හෝල්ඩර් ලකුණු 49ක් සහ රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී 52ක් රැස් කර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?