බිත්තර නිෂ්පාදකයෝ සාකච්ඡාවක් සඳහා කොළඹට

බිත්තරයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා බිත්තර නිෂ්පාදකයින් අද (22) කොළඹට පැමිණෙන බව එම සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගෙන් සහ වෙළඳ අමාත්‍යවරයාගෙන් අදාල සාකච්ඡාව සඳහා අවස්ථාවක් ඉල්ලා සිටින බවයි.

තමන්ගේ ගැටලුව සඳහා සාධාරණ විසඳුමක නො ලැබුණහොත් නීති මාර්ගයෙන් කටයුතු කිරීමට සූදානම් බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

බිත්තරයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය 19 වනදා රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කරනු ලැබුවා.

එම ගැසට් නිවේදනයට අනුව දුඹුරු සහ රතු බිත්තරයක් රුපියල් 45කටත්, සුදු බිත්තරයක් රුපියල් 43කටත් අලෙවි කළ යුතු වනවා.

බිත්තරයක මිල රුපියල් පහකින් අඩුකරන බවට බිත්තර නිෂ්පාදකයින් පවසා තිබූ පසුබිමකයි මෙලෙස බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවේ.

මේ අතර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවිකරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16
Video thumbnail
මිනිස්සු ගැවසුණු තැන් පාළුවට ගිහින්..නිවාඩු දිනයක් වන බදාදා දිනයේ හෝමාගම නවතම තත්ත්වය..
01:20
Video thumbnail
දැඩි උණුසුම් කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..ළමුන් වාහනවල තනිව තියන්න එපා
02:11
Video thumbnail
LRC නිරීක්ෂණයට ගිය ලාල්කාන්ත නිලධාරින්ට කිව්ව සැර කතාව.."අපි මුන්ට බලය දුන්නා..බනින්නේ ආණ්ඩුවට
03:36
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29