AFC Banner
Empty Ad
Empty Ad

බැසිල් විදෙස්ගත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ අද (07) අලුයම විදෙස්ගත වී තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද අලුයම 3.30ට පමණ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය (Gold route) ඔස්සේ ඔහු ගුවන්තොටුපල තුළට පැමිණ ඇති බවයි.

Gold route භාවිත කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ඩොලර් 200ක මුදලක් ගෙවා ඇතැයි සඳහන්.

අනතුරුව EK 649 දරණ යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි අනාවරණ වන්නේ.

ඩුබායි සිට හිටපු ඇමතිවරයා ඇමරිකාව දක්වා ගමන් කරනු ඇතැයි තොරතුරු ලැබී තිබෙනවා.

බැසිල් රාජපක්ෂ සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී ඇතැයි සඳහන්.

ප්‍රසන්න රණතුංග, ඩී. වී. චානක සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටි බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
3
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?