බැසිල් විදෙස්ගත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ අද (07) අලුයම විදෙස්ගත වී තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද අලුයම 3.30ට පමණ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය (Gold route) ඔස්සේ ඔහු ගුවන්තොටුපල තුළට පැමිණ ඇති බවයි.

Gold route භාවිත කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ඩොලර් 200ක මුදලක් ගෙවා ඇතැයි සඳහන්.

අනතුරුව EK 649 දරණ යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි අනාවරණ වන්නේ.

ඩුබායි සිට හිටපු ඇමතිවරයා ඇමරිකාව දක්වා ගමන් කරනු ඇතැයි තොරතුරු ලැබී තිබෙනවා.

බැසිල් රාජපක්ෂ සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී ඇතැයි සඳහන්.

ප්‍රසන්න රණතුංග, ඩී. වී. චානක සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටි බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16