“මේ තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා” මෙන්ම ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සඳහා කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
තමාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමිවීම ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින් ඒ මහතා ඒ බව පවසා තිබේ.
පාර්ලිමේන්තුවට පැමිණීමට තමාට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙත සිය ස්තූතිය පළ කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබුණි.
එහි දැක්වෙන්නේ, තමාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසාදෙමින් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට ද තමා සිය ස්තූතිය පළ කරන බවය.
එම සම්පූර්ණ ෆේස්බුක් සටහන පහතින්,