වැඩ කරන විරුවාගේ වැඩ නිසා තමයි රටට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ

මේ රටේ ජනතාවගේ ගැටළු වලට මුදල් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදි ඉදිරිපත් කල 2022 අයවැයෙන් කිසිදු විසදුමක් ලැබි නොමැති බව කොළඹ දිස්ත්‍රික් පා.ම පාඨලි චම්පික රණවක මහතා පැවසිය.

පාඨලි චම්පික රණවක මහතා ඒ බව පැවැසුවේ අද (13දා) දින කියා සිටියේ 43 වන සේනාංකය නුවරඑලිය දිස්ත්‍රික්කයට හදුන්වා දිමේ උත්සවයක් හැටන් පෞද්ගලික උත්සව ශාලාවකදි පැවති අවස්තාවේදිය.

“මේ රට පෙලෙන ප්‍රධාන ගැටළුව ණය ආපසු ගෙවිමට නොහැකි විම පිලිබද ගැටළුව, ඩොලර් හිගය, මේ නිසා ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු දෙයක් බැසිල් රාජපක්ෂගේ කතාවේ ඇතුලත් වෙලා තිබුණේ නැ.අද මොකද වෙලා තියෙන්නේ ? කිරිපිටි , ගැස් , භුමිතෙල් සහ තවත් දේවල් ගන්න පොලිම් වල ඉන්න වෙලා.

පොහොර තහනම සමග වැඩි කල් නොගිහින් සහල් පොලිමක් මතු වෙනවා. එලවළු පළතුරු හිගය වැඩි ඇතක නෙවෙයි.මහ කන්නයේ කුඹුරු අස්වද්දන්න සුදානම් වෙලා ඉන්නේ 1/3 කියලා කෘෂිකර්ම ඇමතිම ආඩම්බරයෙන් කියනවා. කට විතරයි කෘෂිකර්ම ඇමතිගේ.

බලශක්ති ඇමති පත්වුණාම ලොකුවට කිව්වා තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සපුගස්කන්දට ගෙනවා කියලා මේ රටේ විශාලතම අයෝජනය විදිහට. දැන් බොර තෙල් ගෙන්න ඩොලර් නැතුව තෙල් පිරිපහදුව වහන්න හදනවා.

මේ කිසිදු අර්බුදයකටවත් බැසිල් රාජපක්ෂ ඉදගෙන හිටගෙන වතුර බිබි කිව්ව අයවැයේ විසදුම් තිබුණද?සල්ලි අච්චු ගහලා ගහලා සෞභාග්‍යයේ රට නෙවෙයි සිම්බාව්වේ රට වගේ කරලා ඉවරයි.

මේ අර්බුදයට හේතුව එතුමාලා කියන විදිහට කොවිඩ් නිසා සිදුවුණ දෙයක්ද? එහෙනම් ඇයි කොවිඩ් තියෙන බංගලාදේශයෙන් ණය ගත්තේ?අනෙකුත් රට වල ජනතාව ඉන්නවද කොවිඩ් නිසා රටින් යන්න ගුවන්තොටුපොල වල් ඉස්සරහ?

සංචාරක කර්මාන්තයෙන් සම්පුර්ණයෙන්ම යැපෙන මාලදිවයින සහ තායිලන්තය හිගමනේට වැටිලද?පාලකයන්ගේ නොහැකියාව වසා ගන්නා කියන වචනේ තමයි කෙවිඩ් , බැසිල්ගේ වචනෙන් කිව්වොත් කොවින් සමාන්‍ය ජනතාවගේ වචනෙන් කිව්වොත් කොවිඩ්.

ගුරුවරු , ගොවින්, බඩගින්නේ ඉන්න ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරොත් පොලිසියට මතක් වෙනවා නිරෝධායන උපදෙස් නැතුව කොවිඩ් පාලනයට කිසිදු දෙයක් කරේ නැ.

එන්නත් ලබාදෙන්න තිබුණේ 2020 නොවැම්බර් අවුරුද්දක් පසුවිම නිසා 14000 කගේ ජිවිත නැති වෙලා තියෙනවා.මොකටද එන්නත පමා කලේ ? ඩොලර් 1.6 තිබුණ එන්නත ඩොලර් 16 ගන්න ඕනි නිසා.

ඉන්දියාවෙන් දියර පොහොර කියලා ගෙන්වනවා , එකේ මිල ඉන්දියානු රුපියල් වලින් රු 480 යි ලිටර් එකක් , ඩොලර් වලින් ඩොලර් 6 යි , කියටද ලංකාවට ගෙන්වන්නේ ? ඩොලර් 25 යි .

අපි හිතුවේ 10% ගැහිලි කියලනේ නැ 400% ගැහිලි ගහන්නේ.කැත නැතුව කෘෂිකර්ම ඇමති යනවා සි.අයි.ඩි එකට, හරිනම් ගොවියෝ තමයි සි.අයි.ඩි එකට යන්න ඕනි.

මම අභියෝග කරනවා ඔහුට මේ මාධ්‍ය වල පලවුණ දේවල් වලට පුළුවන් මට නඩු දාන්න කියලා.පම්පොරි ගැහුවට ජනතාව ඉදිරියේ වගකියන්න වෙන කාලය වැඩි ඇතක නෙවෙයි. මෙවැනි ජාරා වැඩ වලට රටේ ඉඩ දෙන්න බැ.

පොහොර තහනම් කරලා චිනෙන් පොහොර ගේනවා , කියට ගෙන්නේ රු 92 ට.අපේ අමාත්‍යංශය තිබුණ කාලේ කොම්පොස්ට් පොහොර දුන්නේ කිලෝව රු 10 ට , පොටැසියම්, පොස්පරස් තිබුණ එවා දුන්නේ රු 30 ට.

කොහොමද ගැහිල්ල මේ ගැහිල්ල ගැන තමයි මහින්දානන්දයි, ශෂෙන්ද්‍ර රාජපක්ෂයි ජනතාවට වග කියන්න ඕනි.ගොවියන්ට බොරු කියලා වැඩක් නැ , ගොවින් ඉන්න දැඩි කෝපයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21