බැස්ටියන් මාවතේ ඝාතනය සිදුකළ ඝාතකයින් පැමිණ යතුරුපැදිය හමුවේ

පිටකොටුව – බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

එම යතුරුපැදිය ගෝනපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙලෙස සොයාගත් බවයි පිළියන්දල පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය රැගෙන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණෙන බවට ලද තොරතුරකට අනුව පිළියන්දල පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී යතුරුපැදිකරුගේ ගෝනපොල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ සඟවා තිබූ බැස්ටියන් මාවතේ ඝාතනයට යොදාගත් යතුරුපැදිය සහ සොරකම් කරන ලද තවත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී ඒවා සන්තකයේ තබාගෙන සිටි එම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනයට යොදාගත් යතුරුපැදිය ලබාදුන් බවයි.

එම යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය උහුමීය ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුට අයත් යතුරුපැදියක් බවට බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් යතුරුපැදිය විකුණූ බවටයි පසුව තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අනතුරුව අදාළ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී තම මියගිය සැමියාගේ යතුරුපැදිය පිටකොටුව – බැස්ටියන් මාවතේ වෙඩි තැබීමේ සිද්ධියට යොදාගෙන තිබූ බවට දැනගන්නට ලැබුණු බවට ඇය පවසා තිබෙනවා.

පසුගිය වසරේ මැයි මස 30 වනදා පිටකොටුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, එහිදී අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

එම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ පසුගිය දා ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ දී ඇතිවූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවෙක්ට සර්ප දෂ්ඨනයක් වෙලා..ලෙඩාට කුදග#ගන්න කියලා OPD නිලධාරිනිය බැහැලම Card සෙල්ලමේ..
00:39
Video thumbnail
ඉරාන නෞකාව ගැන ඇමති විජිත හේරත් ඉන්දියාවට ගිහින් කෙළින්ම කියයි
02:41
Video thumbnail
විපක්ෂ නායකතුමා ඔන්න ඔයාලා හදපු රට..ලෝකෙම දැනගන්නවා අපේ විපක්ෂය විනාශකාරි කියලා
04:05
Video thumbnail
විපක්ෂය පාර්ලිමේන්තු ඇවිත් බොරු දෙසනවා..කාන්තා දිනයට ආ රුවන් සැරටම කියයි
05:12
Video thumbnail
කාටවත් යන්න දෙන්න එපා කියලා අමෙරිකාව බලපෑම් කරනවා..ශ්‍රී ලංකාව තිත් පොළක් කරගන්නද යන්නේ ?
03:47
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33