ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් යැයි කියන බැකෝ සමන් නැමැත්තාගේ බිරිද වන සාලිකා ලක්ෂානි නමැත්තිය ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (18) නියෝග කළා
එදිනට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට පෞද්ගලික අධිකරණයේ පෙනී සිට මෙම සැකකාරිය එරෙහිව අන්තරාදායක ඖෂධ පනතේ 54 ආ වගන්තිය යටතේ විමර්ශන කරන්නේ ද චෝදනා කරන්නේ ද යන කරුණ අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරි නඩු දිනයේදී සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට පිළිබදව අධිකරණයට සහාය දැක්වීම සඳහා නීතිපති දෙපර්ස්තමෙන්තුවේ නීතිඥයෙක් අධිකරණයට යොමු කරන ලෙසට ද නීතිපතිවරයාට දැනුම්දීමක් සිදු කරනු ලැබුවා.
මෙම සැකකාරිය සන්තකයේ තිබී කටුනායක ගුවන්තොටුපළේදී භාරයට ගත් පවුම් 40ක රන් ආභරණ ප්‍රමාණය සම්බන්ධයෙන් ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කොට වාර්තාවක් කැඳවා ඇතත් මේ වන තෙක් එම වාර්තාව ලැබී නොමැති බවත්, මෙම සැකකාරියගේ සැමියාට එරෙහිව හෙරෝයින් කිලෝ 37ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබියදී ඇය ඇගේ සැමියා සහ දරුවන් සමඟ විදේශ රටකට පලාගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වනු ලැබුවා.





