බැකෝ සමන්ගේ බිරිඳගේ පවුම් 40ක රන් ආභරණ පිළිබද වාර්තාවක් කැඳවයි

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් යැයි කියන බැකෝ සමන් නැමැත්තාගේ බිරිද වන සාලිකා ලක්ෂානි නමැත්තිය ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (18) නියෝග කළා

එදිනට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට පෞද්ගලික අධිකරණයේ පෙනී සිට මෙම සැකකාරිය එරෙහිව අන්තරාදායක ඖෂධ පනතේ 54 ආ වගන්තිය යටතේ විමර්ශන කරන්නේ ද චෝදනා කරන්නේ ද යන කරුණ අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරි නඩු දිනයේදී සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට පිළිබදව අධිකරණයට සහාය දැක්වීම සඳහා නීතිපති දෙපර්ස්තමෙන්තුවේ නීතිඥයෙක් අධිකරණයට යොමු කරන ලෙසට ද නීතිපතිවරයාට දැනුම්දීමක් සිදු කරනු ලැබුවා.

මෙම සැකකාරිය සන්තකයේ තිබී කටුනායක ගුවන්තොටුපළේදී භාරයට ගත් පවුම් 40ක රන් ආභරණ ප්‍රමාණය සම්බන්ධයෙන් ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කොට වාර්තාවක් කැඳවා ඇතත් මේ වන තෙක් එම වාර්තාව ලැබී නොමැති බවත්, මෙම සැකකාරියගේ සැමියාට එරෙහිව හෙරෝයින් කිලෝ 37ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබියදී ඇය ඇගේ සැමියා සහ දරුවන් සමඟ විදේශ රටකට පලාගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වනු ලැබුවා.

  1. රත්තරන් රජයට හම්බ වෙන්නෙ නැහැ 🙈 මෙච්චර කාලයක් ඒවා ලැබුන නම් රටේ නය ගෙවන්න තිබුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23