මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අද (04) දිනයේ අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ, අනුව ඔහු අද පෙරවරුවේ කොළඹ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම රහස් ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.
ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙක් බවට පත්ව සිටින අතිරේක ලේකම් සමන් රත්නායක පසුගිය 02 වනදා රක්ෂිත බන්ධාගාර ගත කරනු ලැබුවා.
ඒ, ඔහුව පසුගිය පළමුවනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අතිරේක ලේකම් සමන් රත්නායක රහස් ප්‍රකාශයක් සිදුකිරීමටවශය බවට ප්‍රකාශ කිරීමෙන් පසු ඔහුව අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන්කර රඳවා තබන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.
ඒ, අනුව ඔහුව මහර බන්ධනාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කළේ.




