බාලවයස්කාර පුතා සමඟ කුඩු ගැසූ මව බණ්ඩාරවෙල පොලිස් අත්අඩංගුවේ

හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටි කාන්තාවක්, ඇයගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් බණ්ඩාරවෙල පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල, හීල්ඔය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගැනුණු තැනැත්තිය 38 හැවිරිදි වියේ පසුවන අතර, ඇයගේ පුත්‍රයා 16 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු පුත්‍රයාගේ මිතුරන් දෙදෙනා 14 සහ 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමට සමගාමීව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

සැකකාර කාන්තාවගේ සැමියා විදෙස් ගතව සිටින අතර, මඟ හැරුණු ඇමතුමකට (මිස්කෝල්) අනුව හඳුනාගත් පුද්ගලයෙකු සමඟ මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ අයෙක් වන අතර, ඔහු මත්කුඩු පානය සහ අලෙවි කිරීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහුව නිරන්තරයෙන් තම නිවසට ගෙන්වා ගැනීමට සැකකාර කාන්තාව හුරුව සිට ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර තුර සැකකාරිය විසින් නිවසේ තිබූ වටිනා භාණ්ඩ පවා අලෙවිකර මත්ද්‍රව්‍ය පානයට හුරුව ඇති අතර, ඇයගේ සැමියාට මේ සම්බන්ධයෙන් තොරතුරු ආරංචි වී ඔහු යළි ලංකාවට පැමිණ පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව සිදුකළ විමර්ශනවලින් පසු සැකකාර කාන්තාව සහ බාලවයස්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති පොලිසිය එහිදී හෙරෝයින් මිලි ග්‍රෑම් 3650ක් ද ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව මොවුන් විසින් මත්ද්‍රව්‍ය පානය කරන වීඩියෝ දර්ශන ද ජංගම දුරකථනයක තිබී පොලිසිය හමුව ඇති බවයි වාර්තා වුණේ.

සැකකාරිය මේ වනවිට රඳවා තබාගෙන ප්‍රශ්නකරන අතර, ඇය අනියම් සම්බන්ධතාව පවතවාගෙන ගිය බව කියන මාරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21