බාලවයස්කාර දැරිවියක් හා අඹු සැමි සබඳතා පැවැත්වූ සැකකරුවෙකු සොයා විමර්ශන ඇරඹෙයි

වයස අවුරුදු 15 යි මාස 02 ක් වන බාලවයස්කාර දැරිවියක් ව මව්පිය භාරකාරත්වයෙන් තොරව පැහැරගෙන ගොස් ඇය සමග අඹුසැමි ඇසුරක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව මාරවිල පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම බාලවයස්කාර දැරිවිය ලිංගික අඩත්තේට්ටමට ලක් ව ඇති බවත් ඇයගේ මව විදෙස්ගත ව සිටින බවයි.

පියා ද දුර බැහැර ප්‍රදේශයක රැකියාවක් කරන අතර ඔහු ද මාසයකට වරක් පමණක් නිවසට පැමිණීම හේතුවෙන් දැරිය මිත්තණිය භාරයේ ජීවත් ව තිබෙනවා.

මෙම දැරිය පාසල් ද නොයන බවයි වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් දැරිවිය සැකකාර පුද්ගලයා සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර මිත්තණියගෙන් හා සීයාගෙන් අවසර ලබාගෙන සැකකරු දැරිවිය ව මුණගැසීමට නිවසට පැමිණ තිබෙනවා.

ඉකුත් ජුනි මාසයේ ඉරිදා දිනක සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇයට අසැබි වීඩියෝ දර්ශන පෙන්වා ඊට පොළඹවාගෙන ඇති බවත් වාර්තා වනවා.

ඒ දැරිවියගේ ද කැමැත්ත මත බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මිත්තණිය විසින් දැරිවිය යළි නිවසට කැඳවාගෙන පැමිණ මාරවිල පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

දැරිවිය පවසා ඇත්තේ එක් දිනක් තමන් සැකකරු සමග අඹු සැමි සබඳතා සමගින් ජීවත් වූ බවයි.

දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මිත්තණියගේ භාරකාරත්වය යටතේ මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?