බාලවයස්කාර දැරියක් පැහැරගෙන යන්න අනුබල දුන් තරුණයෙක් අත්අඩංගුවට – දැරිය තවමත් අතුරුන්දන්

වයස අවුරුදු 15යි මාස 05ක බාලවයස්කාර පාසල් සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන යාමට අනුබල දුන් 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මේ අතර පැහැර ගැනීම සඳහා යොදාගත් බව කියන කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පැහැර ගැනීමට ලක් වූ දැරිය 10 වන වසරේ ඉගෙනුම ලබන අතර, ඇය ඉකුත් 18 වෙනිදා පෙරවරුවේ පාසලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගි වීම සදහා යැයි පවසා නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.

නමුත් ඇය පාසලේ පැවති සම්මන්ත්‍රණයට සහභාගී නොමැති බවයි ඇයගේ මවට දැනගන්නට ලැබී ඇත්තේ.

දැරිය මාදම්පේ, පොතුවිල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, එම තරුණයා ද මේ වන විට අතුරුදහන්ව ඇතැයි අතුරුදන් දැරියගේ මව පොලිසිය පැමිණිලි කරමින් පවසා තිබෙනවා.

මාදම්පේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33