AFC Banner
Empty Ad
Empty Ad

බාලවයස්කාර දැරියක් කෙළසූ විවාහක අයෙක් අත්අඩංගුවට

බෙන්තොට – හුංගන්තොට ප්‍රදේශයේ දී බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය මගින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවයි.

වින්දිත දැරියගේ පියා සිය දෙවැනි දරුවා අමතර පන්තියකට රැගෙන ගොස් මව ද නිවසේ නොසිටි අවස්ථාවේ මෙම සිදුවීම වී ඇතැයි දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.

සැකකාර පුද්ගලයා දැරියට විටින් විට විවිධාකාරයේ ජංගම දුරකථන දර්ශන නැරඹීමට ඉඩ සලස්වා ඇයට ළෙන්ගතුකමක් පෙන්වා ඒ ඇසිල්ලෙන් මෙලෙස දැරිය අපයෝජනය කිරීමට පොළඹවාගෙන ඇතැයි පරීක්ෂණ
මගින් හෙළිදරවු වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ විහාරස්ථානවල ප්‍රධාන දායකයකු ලෙස ද පෙනී සිටිමින් කටයුතු කරන්නෙක් බවත් දැව ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවල නියුතු අයකු බවත් අනාවරණය වී ඇතැයි පැවසෙන්නේ.

සිද්ධියට මුහුණ පෑ වින්දිත දැරිය 14 හැවිරිදි වියෙහි පසුවන අයෙක් බවත්; ඇය මේ වනවිට බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?