බාලවයස්කාර දැරියක් කෙළසූ විවාහක අයෙක් අත්අඩංගුවට

බෙන්තොට – හුංගන්තොට ප්‍රදේශයේ දී බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය මගින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවයි.

වින්දිත දැරියගේ පියා සිය දෙවැනි දරුවා අමතර පන්තියකට රැගෙන ගොස් මව ද නිවසේ නොසිටි අවස්ථාවේ මෙම සිදුවීම වී ඇතැයි දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.

සැකකාර පුද්ගලයා දැරියට විටින් විට විවිධාකාරයේ ජංගම දුරකථන දර්ශන නැරඹීමට ඉඩ සලස්වා ඇයට ළෙන්ගතුකමක් පෙන්වා ඒ ඇසිල්ලෙන් මෙලෙස දැරිය අපයෝජනය කිරීමට පොළඹවාගෙන ඇතැයි පරීක්ෂණ
මගින් හෙළිදරවු වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ විහාරස්ථානවල ප්‍රධාන දායකයකු ලෙස ද පෙනී සිටිමින් කටයුතු කරන්නෙක් බවත් දැව ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවල නියුතු අයකු බවත් අනාවරණය වී ඇතැයි පැවසෙන්නේ.

සිද්ධියට මුහුණ පෑ වින්දිත දැරිය 14 හැවිරිදි වියෙහි පසුවන අයෙක් බවත්; ඇය මේ වනවිට බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39