බාලවයස්කාර දරුවෙකු දින 05ක සිට අතුරුදන් – ළමයා සොයා ගැනීමට මව මහජන සහාය පතයි

දින 05කට පමණ පෙර මාතලේ නගරයට ගිය බාලවයස්කාර පිරිමි ළමයෙකු අතුරුදන් වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම දරුවා 16 හැවිරිදි වියෙහි පසුවන අයෙකු බවත් ඔහු මාතලේ – මුවන්දෙණිය, මුත්තෙට්ටුතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

පසුගිය 19 වැනි දින පෙරවරුවේ නගරයට යන බව පවසා සිය පුතු නිවසින් පිටව ගිය ද ඔහු යළිත් නිවසට පැමිණ නැහැ.

අතුරුදන් වූ දරුවාගේ මව වන 48 හැවිරිදි යූ.ජී. සුනේත්‍රා ජයරාණි මහත්මිය ඉල්ලා ඇත්තේ අතුරුදන් ව ඇති තම පුතු සොයාගැනීමට මහජනතාවට සහාය දක්වන ලෙසටයි.

සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් දසත අප මේ පිළිබඳව විමසීමක් ද සිදු කළා.

පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කරන ලද මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ දරුවා මව සමග ආරවුලක් ඇති කරගැනීම හේතුවෙන් නිවසෙන් පිටව ගොස් ඇති බවටයි.

කෙසේවෙතත් මේ වන තෙක් දරුවා සිටින්නේ කොහේ දැයි යන්න පිළිබඳ ව තොරතුරක් ලැබී නැහැ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ මාතලේ – මුවන්දෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්.ටී.ජී. රුවිෂාන් සංකල්ප දරුවා යි.

දරුවා රාත්‍රිය වන තෙක් නිවසට නොපැමිණීම නිසා දරුවාගේ මව විසින් රත්තොට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරනු ලැබුවා.

මෙම දරුවා නිවසින් කුඩය පමණක් රැගෙන පිටවන අයුරු අසල නිවසක ආරක්ෂිත කැමරාවක ද සටහන් වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අතුරුදන් වී ඇති තම පුතු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071-1647543 යන දුරකථන අංකයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයකට දන්වන ලෙසට ද අතුරුදන් වූ දරුවාගේ මව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46