බාලවයස්කරුවෙකුට අකටයුතුකමක් කළ හමුදා සෙබළකු යැයි පැවසෙන තරුණයෙක් රිමාන්ඩ්

අකුරැස්ස – පානදුගම ප්‍රදේශයේ පාළු නිවසකට බලහත්කාරයෙන් රැගෙන ගොස් 11 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ අකටයුතුකමක් සිදු කළ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අකුරැස්ස පොලිසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයෙකු බවයි.

මෙම සැකකරු 21 හැවිරිදි අයෙකු බවත් හෙතෙම හමුදා කඳවුරේ ක්‍රීඩා කටයුතු සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇති බවට හෙළි ව තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම අපරාධය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බාලවයස්කාර දරුවා අකුරැස්සේ ප්‍රධාන පාසලක 06 වසරේ අධ්‍යාපනය ලබන අයෙක් බවත්, ඉකුත් 29 වැනිදා පානදුගම නිවසේ සිට අකුරැස්ස – පිටබැද්දර මාර්ගයේ ගොඩපිටිය බෝධිය අසල සිදු වූ රථවාහන අනතුරක් දැක බලා ගැනීමට මවගෙන් අවසරගෙන සිය පාපැදියෙන් ගොස් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා.

මීට අවුරුදු දෙකකට පෙර යුද හමුදා සේවයට එක් වූ බවට ග්‍රාම නිලධාරිවරයා තහවුරු කළ ද, මොහු යුද හමුදා සක්‍රීය සේවයේ සිටිනා බවට තහවුරු ලේඛන ඉදිරිපත් නොකිරීම නිසා යුද හමුදාවේ කුමන තනතුරක සිටිනා අයකු දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

දරුවාගේ ගුද මාර්ගයේ දැඩි ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් ඔහු ව මාතර මහ රෝහලට ඇතුළත් කොට ශල්‍යකර්මයකට ද භාජනය කර තිබෙනවා.

සැකකරු නීතිඥයකු මාර්ගයෙන් පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරුව අප්‍රේල් මස 10 තෙක් සිරගත කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15