බාලවයස්කරුවන් එක් ව දැමූ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි (වීඩියෝ)

ගනේමුල්ල – කැන්දලියද්ද ප්‍රදේශයේ නිවසක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක දී බාල වයස්කාරුවන් 17 දෙනෙකු සහ එක් තරුණයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයෙ (29) රාත්‍රියේ දී මෙම සාදය සංවිධානය කර තිබූ බවත්; එය මුහුණුපොත හරහා ගොඩනගාගත් මිතුරු හමුවක් මගින් පැවැත්වූ සාදයක් බවත් මූලික පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

මුහුණුපොතෙන් හඳුනාගත් මෙම සැකකරුවන් කෙදිනකවත් මුණගැසී නොමැති බවත්; එක් අයෙකුගේ නිවසෙහි අදාළ සාදය පවත්වා ඇති බවත් ඊට තරුණ පිරිමි ළමු 16 දෙනෙකු සහ ගැහැනු ළමුන් දෙදෙනකු එක් ව සිටි බව ද පොලිසිය පවසනවා.

ඔවුන් සන්තකයේ තිබී සුළු වශයෙන් ගංජා, හෙරොයින් සහ මත්පෙති වර්ග තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු 16-19 අතර පසුවන්නන් බවට හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගනේමුල්ල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40