බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරග නායකත්වය දරන බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ; බාබර් මෙම වසර ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස් වූ දෙවැනි වතාව මෙය බවයි.

පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවතට වීසිවීමෙන් පසුව ද බාබර්ගේ නායකත්වයට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එහිදී ද ඔහු නායකත්වයෙන් ඉවත් වුණා,

නමුත් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ඉල්ලීම මත යළිත් එම තනතුර භාරගත් බාබර් දැඩි කලකිරීමකින් නායකත්වය සමුදී ඇති බවයි වාර්තා වන්නේ.

නායකත්වයට වැඩි වගකීම් කොටසක් ඉටු කිරීමට සිදුවීම හේතුවෙන් තමන් හට පෞද්ගලික පිතිකරණයෙහි දක්ෂතා මගහැරී ඇති බවට බාබර් විශ්වාසය පළ කර තිබෙනවා.

X හි දීර්ඝ සටහනක් තබමින් බාබර් අසාම් සඳහන් කර ඇත්තේ;

මගේ පිතිකරණයට ප්‍රමුඛත්වය දීමට සහ මගේ පවුලේ අය සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට” පවතින අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ;

මම පකිස්ථාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මෙම කණ්ඩායමට නායකත්වය දීමට ලැබීම ගෞරවයක්, නමුත් මට ඉවත් වී මගේ ක්‍රීඩා භූමිකාව කෙරෙහි අවධානය යොමු කිරීමට කාලයයි. නායකත්වය ප්‍රතිලාභදායක අත්දැකීමක් වී ඇත, නමුත් එය සැලකිය යුතු කාර්යභාරයක් එකතු කර ඇත..”යනුවෙන් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?