AFC Banner
Empty Ad
Empty Ad

බාධක පසෙකලා ගුවන ජයගත් පුංචි Alle Sayers (ඡායාරූප)

Virgin Australia නමැති සුප්‍රසිද්ධ ගුවන් සමාගම සමග එක් ව වැඩ කටයුතු සිදු කිරීමට විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුට මහඟු අවස්ථාවක් හිමිවීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයෙහි තොරතුරු හුවමාරු වනවා.

Virgin Australia නම් වූ මෙම ගුවන් සමාගමේ නිල ගුවන් සේවිකා ඇඳුමින් සැරසී සිටින්නේ Alle Sayers.

Alle Sayers යනු සාමාන්‍ය දරුවෙකු නොවන අතර ඇය විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තියක් ලෙසටයි සැලකෙන්නේ.

Alle ට ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) නමැති ස්නායු රෝගී තත්ත්වය පවතිනවා.

මේ හේතුවෙන් ඇය පීඩා විඳින අතර; කෙසේ නමුත් ඇය සිය අරමුණු කරා යාමට එය බාධාවක් සිදු කරගෙන නැහැ.

මේ වනවිට වාර්තා වන පරිදි Alle මැයි මාසයේ දී වර්ජින් ඔස්ට්‍රෙලියා සමග එක් ව ඇති අතර; ඇය එහි ස්ථිර මෙන් ම අර්ධකාලීන රැකියාවක් සිදු කරනවා.

ඇගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය ගැන ඇයගේ පියා වන ව්‍යාපාරික Luke Sayers ද ෆේස්බුක් හි සටහනක් තබමින් පවසා ඇත්තේ සිය දියණිය සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බවත් ඇයගේ හැකියාවන් අසීමිත බවට විශ්වාස කරන බවයි.

එමෙන්ම සිය දියණියට මෙවැනි වටිනා රැකියා අවස්ථාවක් හිමිකර දීම වෙනුවෙන් ද ඇලී ගේ පියා විසින් වර්ජින් ඔස්ට්‍රෙලියා ගුවන් සමාගමට සිය විශේෂ ස්තුතිය පුද කර සිටීමට ද අමතක කර නැහැ.

Virgin Australia සමාගම සෑම පුද්ගලයෙකුගේ ම සුවිශේෂත්වය වඩාත් හොඳින් අවබෝධ කරගැනීම කාගෙත් පැසසුමට ලක් කාරණාවක් බවට මේ වනවිට ප්‍රසිද්ධ වී හමාරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?