බ්‍රැඩ්මන්ට්ට පමණක් දෙවැනි වුණු කමිඳුගේ වාර්තාව

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ අවම ඉනිම් ගණනක් ක්‍රීඩා කරමින්; වැඩිම ටෙස්ට් සාමාන්‍යයක් ඇති පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඔහුට මෙම නව ස්ථානය හිමි වුණේ ඊයේ (18) ගාල්ලේ දී සංචාරක නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී සිය සිව්වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමත් සමගයි.

කමිඳු ටෙස්ට් තරග 07කට එක් ව ඇති අතර එහිදී ඉනිම් 11කට මුහුණ දී තිබෙනවා.

එම ඉනිම් 11 දී කමිඳු ශතක 04ක් සහ අර්ධ ශතක 04ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනෙන දස්කමක්.

නවසීලන්තයට එරෙහිව කමිඳු ඊයේ දින දැවී යන විට ලකුණු 114ක් ලබාගෙන සිටියා.

කමිඳු මෙන්ඩිස්ගේ මෙම දක්ෂතාව ලෝක ටෙස්ට් පිටියේ තවත් වාර්තාවක් අබියසට පැමිණීමට හැකි වී තිබෙනවා.

ඒ අවම ඉනිම් 10කට පසු වැඩිම ටෙස්ට් සාමාන්‍ය ඇති පිතිකරුවන්ගේ පළමු තැන රැඳී සිටින ඔස්ට්‍රෙලියානු හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක දොන් බ්‍රැඩ්මන් (Don Bradman)ට පමණක් දෙවැනි වෙමින්.

බ්‍රැඩ්මන් මෙම දක්ෂතාව දක්වා ඇත්තේ සිය පිතිකරණයේ සාමාන්‍යය 80.90ක් රඳවා ගනිමින් වන අතර බ්‍රැඩ්මන්ගේ සටහන් ව ඇත්තේ එය 99.94ක් ලෙසයි.

මෙම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය ඉන්දීය නවක ක්‍රීඩක යසස්වි ජයිස්වාල් හට හිමි ව තිබෙනවා.

සිව්වැනි තැන හිමි ව ඇත්තේ නවසීලන්තයේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ස්ටිවිවී ඩෙම්ප්ස්ටර් හටයි.

පස්වැනි තැන ද ඔස්ට්‍රෙලියානු ක්‍රීඩකයෙකුට හිමි ව තිබෙනවා.

ඔහු නමින් සිඩ්නි බාර්නර්ස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
40
+1
3
+1
16
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?