බහුදින ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක් – ධීවරයෙක් ජීවිතක්ෂය තවත් අයෙක් අතුරුදන් (ඡායාරූප)

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි එක් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාව නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

වාලච්චේන ධීවර වරායෙන් පසුගිය 12 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය අස්වර් නැමැති බහුදින ධීවර යාත්‍රාව මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථවේ දී එහි ධීවරයින් පස්දෙනෙකු සිට ඇති අතර, ඉන් එක් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මෘත ශරීරය නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

තවත් ධීවරයෙක් අතුරුදන්ව ඇති අතර, ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව සඳහන් කළේ.

තුවාල ලැබූ අනෙක් ධීවරයින් තිදෙනාගෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් ධීවරයෙක් ඊයේ (17) ත්‍රිකුණාමලය වරායට රැගෙන ඒමෙන් පසු ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනෙක් ධීවරයින් දෙදෙනා වාලච්චේන ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2024 05 18 at 3.27.20 PM
WhatsApp Image 2024 05 18 at 3.27.19 PM 1
WhatsApp Image 2024 05 18 at 3.27.19 PM
WhatsApp Image 2024 05 18 at 3.27.18 PM
WhatsApp Image 2024 05 18 at 3.27.17 PM 2
WhatsApp Image 2024 05 18 at 3.27.17 PM 1
WhatsApp Image 2024 05 18 at 3.27.17 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?