ඩීසල් නොමැතිවීමෙන් අපනයන බහාලුම් රථ වලින් සියයට 90ක් අද(7) දිනයේ ධාවනය නොවූ බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් ධාවනය වන්නේ පන්සීයකටත් අඩු ප්‍රමාණයක් බවයි සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඩීසල් නිකුත් කිරීමට පිලිඟත හැකි කිසිදු වැඩපිළිවලක් ඛනිජතෙල් සංස්ථාව සිදුකර නැතැයිද ඔහු පැවසීය.
ආනයන සහ අපනයන භාණ්ඩු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම බහාලුම් ප්‍රවාහන රථ මගින් සිදුකරන බැවින් එම සේවාවන් වලට විශාල බාධාවක් එල්ල වී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




