බස් වර්ජනයක් පොලිසිය මැදිහත් වීමෙන් අත්හිටුවයි

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොලේ වේලා සටහන් කරුවෙකුට පහරදීමේ සිදුවීමට එරෙහිවෙමින් ආරම්භ කිරීමට සැලසුම් කළ බස් වර්ජනය පොලිසියේ මැදිහත්වීමෙන් අත්හිටුවීමට සමත් ව තිබෙනවා.

පහරකෑමට ලක්වූ පානදුර මාලමුල්ල පදිංචි වේලා සටහන්කරු ප්‍රතිකාර සඳහා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාර්ග අංක 162, පිළියන්දල- බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කැස්බෑව ඩිපෝවට අයත් බස් රථයක රියදුරෙකු සම්මත ක්‍රමයට පටහැනිව බස් රථය නැවතුම්පොළේ ගමන් ආරම්භ කිරීම සඳහා ගාල් කර තිබෙනවා.

එම අවස්ථාවේ වේලා සටහන්කරු සිය විරෝධය පළ කර බස් රථය ඉවත් කර ගන්නා ලෙස පැවසීමත් සමගම මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම සිදුවීමත් සමඟ පිළියන්දල ප්‍රධාන බස්නැවතුමෙන් ආරම්භ වන කෙටි දුර මාර්ග සහ අතුරු මාර්ග වලට අයත් බස් රථවල රියදුරන් සහ කොන්දොස්තර වරුන් බස් රථ ධාවනය නවතා වර්ජනය කිරීමට සූදානම් වන බවට පිළියන්දල පොලිසිය ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වීමෙන් වර්ජනය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

වර්ජනයට සුදානම් වූ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් හමු වූ රථවාහන අංශයේ ස්ථානාධිපති, පහර දුන් බව කියන රියදුරු සහ කොන්දොස්තරවරයා ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවට ලබාදුන් පොරොන්දුවක් අනුවයි වර්ජනය අතහැර දැමීමට රියදුරන් සහ කොන්දොස්තරවරුන් එකඟතාවය පළ කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පිළියන්දල පොලිසිය විසින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?