කරුවලගස්වැව, තබ්බෝව වැව හරහා ගමන් කරන මාර්ගයේ පිහිටි පාලම මතදී බස් රථයක් සහ වැන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (07) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා,
අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ උපාධි ප්‍රදාන උත්සවයක් අවසන් කර නොච්චියාගම බලා ගමන් කරමින් තිබූ වැන් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරට ප්‍රධාන හේතුව ලෙස බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් ධාවනය බවට අනතුර සම්බන්ධයෙන් සිදු කරන ලද වී මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වැන් රථයේ සිටි පුද්ගලයන් 04 දෙනෙක් වන අතර ඔවුන් පුත්තලම මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා




