බස් රථවල මගීන්ව හිටගෙන අරන් ගියොත් අත්අඩංගුවට

එළැඹෙන සදුදා සිට මගී ධාරිතාව ඉක්මවා සිටගෙන මගීන් ප්‍රවාහන කරන බස් රථ අත්අඩංගුවට ගැනීමටත් බලපත්‍ර තහනම් කිරීමටත් ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව එම බස් රථ නැවත දැනුම් දෙන තුරු පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමට අවශ්‍යය උපදෙස් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ ධාවනය කරවීමට සැලසුම් කළ බස් රථ හයදහසක ප්‍රමාණයෙන් බස් රථ 900 පමණ සුලු ප්‍රමාණයක් පමණක් ධාවනය කර ඇති බවද ඒ බස් රථ සේවකයින් බොහෝ පිරිසක් සිය රැකියාවලින් ඉවත්ව වෙනත් රැකියාවලට යොමු වී තිබීම හේතුවෙන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රට විවෘත කළද අත්‍යවශ්‍ය සේවා සදහා ලබා දුන් ලංගම බස් රථ අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කරන තෙක් නොකඩවා ලබා දෙන බවද දිලුම් අමුණුගම මහතා සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?