බස් රථයේ මැණික් සොරකම හෙළිවෙයි

විවිධ වර්ගයේ මැණික් කැට 116 ක් අඩංගු පාර්සලයක් සොරකම් කල පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඌරුබොක්ක සහ පයාගල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දෙහිවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු පසුගිය 21 වනදා කොළඹ සිට දෙයියන්දර බලා ධාවනයවූ බසයක ගමන් කරමින් සිටියදී පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහුගේ ගමන් මල්ලේ තිබූ පාර්සල් කිහිපයක් සොරකම් කර තිබෙනවා.

සොරකම් කල පාර්සල් අතර රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් කැට 116 ක් බහාතිබූ පොලිතින් කවරයක් තිබී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු එම පොලිතින් කවරයේ මැණික් කැට තිබෙන බව නොදැන පාර්සලය බසයේ තබා බේරුවල ප්‍රදේශයෙන් බැසගොස් තිබෙනවා.

එම බසයේ කොන්දොස්තරවරයා පාර්සලය රැගෙන පරීක්ෂා කිරීමේදී එහි මැණික් ගල් තිබෙන බව දැන රැගෙන ගොස් සිය නිවසේ අල්මාරියේ සඟවා තිබියදී සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සොරකම හසුවනු ඇතැයි බියෙන් බසයේ ආරක්ෂක කැමරා පද්ධතිය ද පුළුස්සා තිබූ බව හෙළිවී තිබෙනවා.

බසය බේරුවල නගරයේ නතර කිරීමෙන් පසු සොරකම් සිදු කළ පළමු සැකකරු කලබලයෙන් බසයෙන් බැස පාර්සලය නොමැතිව අසල තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත දිවයන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු කොන්දොස්තරවරයා ගැන සැක මතුවී පරීක්ෂණ සිදු කළ බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23


?