බස් රථයේ මැණික් සොරකම හෙළිවෙයි

විවිධ වර්ගයේ මැණික් කැට 116 ක් අඩංගු පාර්සලයක් සොරකම් කල පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඌරුබොක්ක සහ පයාගල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දෙහිවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු පසුගිය 21 වනදා කොළඹ සිට දෙයියන්දර බලා ධාවනයවූ බසයක ගමන් කරමින් සිටියදී පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහුගේ ගමන් මල්ලේ තිබූ පාර්සල් කිහිපයක් සොරකම් කර තිබෙනවා.

සොරකම් කල පාර්සල් අතර රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් කැට 116 ක් බහාතිබූ පොලිතින් කවරයක් තිබී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු එම පොලිතින් කවරයේ මැණික් කැට තිබෙන බව නොදැන පාර්සලය බසයේ තබා බේරුවල ප්‍රදේශයෙන් බැසගොස් තිබෙනවා.

එම බසයේ කොන්දොස්තරවරයා පාර්සලය රැගෙන පරීක්ෂා කිරීමේදී එහි මැණික් ගල් තිබෙන බව දැන රැගෙන ගොස් සිය නිවසේ අල්මාරියේ සඟවා තිබියදී සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සොරකම හසුවනු ඇතැයි බියෙන් බසයේ ආරක්ෂක කැමරා පද්ධතිය ද පුළුස්සා තිබූ බව හෙළිවී තිබෙනවා.

බසය බේරුවල නගරයේ නතර කිරීමෙන් පසු සොරකම් සිදු කළ පළමු සැකකරු කලබලයෙන් බසයෙන් බැස පාර්සලය නොමැතිව අසල තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත දිවයන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු කොන්දොස්තරවරයා ගැන සැක මතුවී පරීක්ෂණ සිදු කළ බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34