බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 20කට තුවාල

රත්නපුර පලාබද්දල මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවු අනතුරකින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථයේ ගමන් කළ පිරිසක් මෙලෙස තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පලාබද්දල සිට රත්නපුර බලා ගමන් කරමින් තිබු සිරිපා වන්දනා විශේෂ සේවා සඳහා යොදා තිබු රත්නපුර ඩිපෝවට අයත් බස් රථයක් අද දහවල් 1ට පමණ මෙම අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර අනතුරින් තුවාල ලැබූවන ගිලීමලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 45 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

මෙම බස් රථය කුරුවිට එරත්න සිරිපා මාර්ගයේ ධාවනය වන බස් රථයක් වන අතර සිරිපා වන්දනාකරුවන්ගේ පහසුව තකා විශේෂ බස් සේවා මේ දිනවල ක්‍රියාත්මකයි.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

බස් රථයේ ගමන්කළ පිරිස අතර සිරිපා වන්දනාවෙ ගොස් පැමිණි කිහිප දෙනෙකු ද වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58