බස් රථයක් දුම්රියේ ගැටී යාපනයේ අනතුරක් (ඡායාරූප)

යාපනය – අරියාලේ මාර්ගයේ දී බස් රථයක් දුම්රියේ ගැටී අද (01) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් බස් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (01) දහවල් එකට පමණ කොළඹ සිට කන්කසන්තුරේ බල ධාවනයවූ දුම්රියේ අදාළ බස් රථය ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරියාලේ ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර, ප්‍රදේශයේ පවතින අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?