AFC Banner
Empty Ad
Empty Ad

බස් නැවතුමේ මත්පෙති ජාවාරම් කළ තරුණයින් දෙදෙනකු කොටුවෙයි

දිගු කලෙක සිට ත්‍රිකුණාමලයේ – උප්පුවේලි බස් නැවතුමේ නීතිවිරෝධී මත් කරල් ජාවාරමේ නිරත වූ තරුණයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්‍යය බලකාය සඳහන් කරන්නේ; ත්‍රිකුණාමලය කඳවුරේ ස්ථාපිත ප්‍රචණ්ඩ අන්තවාදී තොරතුරු රැස් කිරීමේ බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම ඊයේ (17) දින උප්පුවේලි පොලිස් වසමේ අභයපුර හන්දියේ බස් නැවතුම්පොළ අසල දී සිදු කෙරුණු බවයි.

එහි දී වෛද්‍ය නිර්දේශයකින් තොරව pregazim 150 mg වර්ගයේ මත් කරල් 300ක් සන්තකයේ තබාගෙන උප්පවේලි නැවතුම්පොළේ රැඳී සිටි මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් සහ අවුරුදු 26ක් වන පුද්ගලයින් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු උප්පුවේලි පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?