බස් නැවතුමේ මත්පෙති ජාවාරම් කළ තරුණයින් දෙදෙනකු කොටුවෙයි

දිගු කලෙක සිට ත්‍රිකුණාමලයේ – උප්පුවේලි බස් නැවතුමේ නීතිවිරෝධී මත් කරල් ජාවාරමේ නිරත වූ තරුණයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්‍යය බලකාය සඳහන් කරන්නේ; ත්‍රිකුණාමලය කඳවුරේ ස්ථාපිත ප්‍රචණ්ඩ අන්තවාදී තොරතුරු රැස් කිරීමේ බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම ඊයේ (17) දින උප්පුවේලි පොලිස් වසමේ අභයපුර හන්දියේ බස් නැවතුම්පොළ අසල දී සිදු කෙරුණු බවයි.

එහි දී වෛද්‍ය නිර්දේශයකින් තොරව pregazim 150 mg වර්ගයේ මත් කරල් 300ක් සන්තකයේ තබාගෙන උප්පවේලි නැවතුම්පොළේ රැඳී සිටි මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් සහ අවුරුදු 26ක් වන පුද්ගලයින් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු උප්පුවේලි පොලිසිය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16