බස් ගාස්තු සහනයක් ගැන ඉඟියක්

අප්‍රේල් මාසයේ මුලදී ඉන්ධන මිල ගණන් අඩු වුවහොත් එහි වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දෙමින් බස් ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.

ඩොලරයේ අගය අඩු වීම හේතුවෙන් අප්‍රේල් මාසය වන විට නව ගාස්තු ක්‍රමයකට යාමට හැකියාව ලැබෙනු ඇතැයි ද ගැමුණු විජේරත්න විශ්වාසය පළ කරනවා.

ඩොලරයේ අඩු වීමට සාපේක්ෂව මේවන විට බස් රථවල අමතර කොටස් මිල ගණන් ද අඩු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ඔහු ඉල්ලීමක් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබීම හමුවේ සොරකම් කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

IMF ණය සහන ලැබීම හේතුවෙන් මෙතෙක් කල් ලබා ගැනීමට නොහැකිව සිටි electric බස්රථ 50ක් ලබා ගැනීමට හැකි වන බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

එමෙන්ම IMF සහනය ලබාගැනීම හමුවේ කිරිබත් කා රතිඤ්ඤා දල්වා ජය සැමරීම ඇතැම් පුද්ගලයන් විවේචනය කළත් එය විවේචනය කළ යුතු දෙයක් නොවන බවයි ගැමුණු විජේරත්න සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?