බස් ගාස්තු සහනයක් ගැන ඉඟියක්

අප්‍රේල් මාසයේ මුලදී ඉන්ධන මිල ගණන් අඩු වුවහොත් එහි වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දෙමින් බස් ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.

ඩොලරයේ අගය අඩු වීම හේතුවෙන් අප්‍රේල් මාසය වන විට නව ගාස්තු ක්‍රමයකට යාමට හැකියාව ලැබෙනු ඇතැයි ද ගැමුණු විජේරත්න විශ්වාසය පළ කරනවා.

ඩොලරයේ අඩු වීමට සාපේක්ෂව මේවන විට බස් රථවල අමතර කොටස් මිල ගණන් ද අඩු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ඔහු ඉල්ලීමක් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබීම හමුවේ සොරකම් කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

IMF ණය සහන ලැබීම හේතුවෙන් මෙතෙක් කල් ලබා ගැනීමට නොහැකිව සිටි electric බස්රථ 50ක් ලබා ගැනීමට හැකි වන බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

එමෙන්ම IMF සහනය ලබාගැනීම හමුවේ කිරිබත් කා රතිඤ්ඤා දල්වා ජය සැමරීම ඇතැම් පුද්ගලයන් විවේචනය කළත් එය විවේචනය කළ යුතු දෙයක් නොවන බවයි ගැමුණු විජේරත්න සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26