බස් ගාස්තු සංශෝධනය ගැන හෙට දැනුම් දෙන්නම් – ඇමති බිමල්

ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් සිදුකරනවා ද නැද්ද යන්න පිළිබඳව හෙට (02) දිනයේ දී දැනුම් දෙන බව ප්‍රවාහන ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ බස් ගාස්තු අඩු කළ හැකි ද යන්න පිළිබඳව ගණනය කර දැනුම්දෙන ලෙස තමන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත තමන් දැනුම් දුන්න බවයි.

ඒ, අනුව මෙම මිල අඩුවීම බස් ගාස්තු සංශෝධනයකට ප්‍රමාණවත් ද යන්න පිළිබඳව හෙට (02) දිනයේ දී දැනගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 06කින් අඩු කළා.

ඊට අමතරව ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩු කිරීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?