බස් ගාස්තු අඩු කළොත් වාසිය ගන්නේ කොන්දොස්තර

ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔටෝ ඩීසල් ලීටරයක් ඊයේ (31) රාත්‍රියේ රුපියල් 16.00කින් අඩු වූ බව සඳහන් කළ සභාපතිවරයා පසුගිය මාසයේ ද ඩීසල් මිල රුපියල් 3.00කින් අඩු කළ බව සිහිපත් කර සිටියා.

ඒ, අනුව මෙම මාස දෙක තුළ රුපියල් 19.00කින් ඩීසල් මිල අඩු වී ඇති බව සඳහන් කළ සභාපති ගැමුණු විජේරත්න, එලෙස අඩු වූ රුපියල් 19.00ක අගය බස් ගාස්තු පිළිබදව ජාතික ප්‍රතිපත්තියට අනුව 4%ක් ඉක්මවා නොමැති බවයි පැවසුවේ.

ඒ හේතුවෙන් ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු කිරීමට නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩුවන ප්‍රතිශතයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 28.00ක් දක්වා අඩුකළ ද බස් කොන්දොස්තරවරුන් ඉතිරි රුපියල් දෙකක මුදල ලබා නොදී රුපියල් 30.00ක මුදලක් මගියාගෙන් අය කරන බවත් ඔහු මෙහිදී පැවසුවා.

ඒ, අනුව ගෙවීම් කාඩ් පතක් මඟින් මගීන්ට ගමන් පහසුව සලසාදීමට අවස්ථාව ලබාදෙන්නේ නම් මෙලෙස ඉතිරි මුදල් පිළිබඳව ගැටළුවක් ඇති නොවන බව ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එලෙස කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් මෙලෙස රුපියල් 19.00කින් ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩුවන ප්‍රතිශතය ලබන 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

එලෙස කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක නොකර බස් ගාස්තු අඩු කළහොත් එහි ප්‍රතිලභාය මගී ජනතාවට හෝ බස් හිමියාට ද හිමි නොවන බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව එහි ප්‍රතිලභාය ලබාගන්නේ බස් රථ කොන්දොස්තරවරුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?