බස් ගාස්තුවේ අඩුවීම අද සිට – බස් සංගම් කිහිපයක් වර්ජනයේ

සියයට 11.14කින් අඩු කළ බස් ගාස්තුව අද (05) දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව මෙතෙක් රුපියල් 38ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා අඩු වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

එමෙන්ම මගීන්ගෙන් අඩුකළ මිලට වඩා වැඩි මුදලක් අය කරන බස්රථ සම්බන්ධයෙන් 1955 අංකය අමතා පැමිණිලි කරන ලෙසයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටින්නේ.

මේ අතර පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බස් රථ සදහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?