බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල නාගරික ප්‍රදේශවලට ක්ෂණික ගංවතුර අවදානමක්

ඉදිරි දින කිහිපය තුළ ඇතිවිය හැකි වර්ෂාපතන සමඟ දිවයිනේ ඇතැම් ගංඟා ද්‍රෝණි ගංවතුර ආපදා තත්ත්වයකට පත්වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.

ඒ, අනුව අත්තනගලු ද්‍රෝණිය, කැළණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ සහ මහ ඔය ද්‍රෝණිය යම් තරමක ගං වතුර මට්ටමකට පත්වීමේ අවදානම් පවතින බවයි ඔහු සඳහන් කළේ.

ඉහත ගංඟා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල ගංවතුර නිම්නයේ පදිංචි ජනතාව සහ එම නිම්නවල ඇති මාර්ගවල ගමන් ගන්නා රථවාහන රියදුරන් ද අවදානයෙන් පසුවන ලෙසට ද දැනුම් දෙනවා.

එමෙන්ම පවතින අධික වැසි සහිත තත්ත්වයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ වැනි පළාත්වල නාගරික ප්‍රදේශවල ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව එවැනි අවදානම් සහිත ප්‍රදේශවල මාර්ගයන් හි ගමන් කරන රථවාහනවල රියදුරන් සහ එම ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැළකිල්ලෙන් පසසුවෙන් ලෙසයි ඔහු පැවසුවේ.

එමෙන්ම මේ වනවිට දිවයිනේ ජලාශවල ජල මට්ටම සමස්ථයක් ලෙස 75%ක ආසන්න මට්ටමේ පවතිනවා.

මෙම තත්ත්වය මත ජලාශවල ධාරා ප්‍රදේශවලට ඇතිවිය හැකි අධික වර්ෂාපතනයත් සමඟ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ හැකියාවක් පවතින අතර, ඒ හේතුවෙන් ජලාශවලින් පහළ ප්‍රදේශවල සිටින ජනතාව කල්පනාවෙන් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?