බස්නාහිර පාසැල් ආරම්භ කරන හැටි අධ්‍යාපන ඇමති කියයි..

බස්නාහිර පලාත තුල පාසැල් ආරම්භ කිරීම සම්බන්දයෙන් අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ගිය සතියේ ඉදිරිපත් කරා බස්නාහිර සහ ගම්පහ කළුතර  දිස්ත්‍රික්කවල පාසැල් පෙබරවාරි 15 වෙනිදාට පෙර ආරම්භ කිරීම පිළිබඳව. කොළඹ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් පහුගිය දින 05 තුළ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වෙලා පසැල් විවෘත කිරීම සඳහා නිර්දේශ එවලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ල තියෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඒ අනුමැතිය ලැබුණානම පාසල් ආරම්භ කිරීමට.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ක් තියෙනවා. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උතුරු කොළඹ සහ මැද කොළඹ. සම්පුර්ණ පාසැල් ප්‍රමාණය 76 ම පෙබරවාරි 15 විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. තිඹිරිගස්යායේ පාසැල් 54 න් 54 විවෘත කිරීමට හැකියාව තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සම්පූර්ණ පාසැල් 31 න්     29 ක් විවෘත කරන්න පුළුවන්. කොළොන්නාවේ සම්පූර්ණ පාසැල් 19 ම ආරම්භ කිරීමට හැකියාව අපිට තියෙනවා. කඩුවෙල රජයේ පාසල් 35 ක් සහ ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන් 14 ක් තියෙනවා. කඩුවෙල සියලු පාසල්වල එකතුව 39 ක්. ඒකෙන් 17 ක් විවෘත කිරීමට පුළුවන්. හෝමාගම සියලුම පාසල් විවෘත කිරීමට හැකියාව තියෙනවා. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසැල් 26 න් 11 ක් කැස්බෑවෙන් 55 ම මහරගම පාසැල් 32 න් 07 ආරම්භ කිරීමට පුළුවන්. දෙහිවල 15 ම ද රත්මලාන පාසැල් 27න් 24ක් ද මොරටුව පාසැල් 28 ම ද සිතාවක පාසැල් 41 ආරම්භ කිරීමට පුළුවන්. කොළඹ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ පාසැල් 492 න් 412 ක් පෙබරවාරි 15 වෙනිදා විවෘත කරන්න පුළුවන් බව ප්‍රාදේශී සම්බන්ධිකරණ කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තියෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමඟ සාකච්ඡා කර අනුමැතියට යටත්ව පාසල් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ගෙන යනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 ක සියලුම පාසල් පෙබරවාරි 15 විවෘත කිරීමට පුළුවන්කම තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අනෙක් පාසැල් 80 මාර්තු 15 වෙනිදා අලුත් වාරය ආරම්භ කිරීමට හැකියාව තියෙනවා. අධ්‍යාපන පොදු සහතික        සා. පෙළ විභාගය දින නියම කරලා තියෙනවා. එය මාර්තු 01 සිට මාර්තු 11 දක්වා පැවැත්වෙනවා. එය අවසන් වූ වාහාම මාර්තු 15 වෙනිදා මුළු දිවයින පුරාම සියලු ශ්‍රේණි සඳහා පාසැල් ආරම්භ කිරීමට නියමිතයි.

ජිනිවා මානව හිමිකම් කවුන්සලය පිළිබඳව කතා කරොත් ශ්‍රී ලංකාව ඒ න්‍යාය පත්‍රයට ගැනෙනවා පෙබරවාරි 22 දා. ඒ පිළිබඳ ස්ථාවරය ශ්‍රී ලංකා රජය සඳහා විදේශ කටයුතු ආමාත්‍යංශයේ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශයට පත් කරනවා. ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය අපි කවුන්සිලයට ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්ති රාමුවක් තුළ. යම් යම් මූලික සිද්ධාන්ත වලට අනුකූලව තමයි ශ්‍රී ලංකා ප්‍රතිචාරය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්නේ.මෙහි ප්‍රධාන මූලධර්ම කිහිපයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිචදයක් වන මානව හිමිකම් කොමිසමේ සෑම විටම කටයුතු කළ යුත්තේ තමන්ගේ විෂය පථය තුළයි. යම්කිසි කාර්ය භාරයක් ඒ ආයතනයට පැවරිලා තියෙනවා. ඒ සීමා ඉක්මවලා කටයුතු කරනවානම් මානව හිමිකම් කවුන්සිලයේ සදාචාරව කටයුතු කරනවානම් එය කවුන්සිලයට නිතියට පටහැනිය. රටක අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමට මානව හිමිකම්  කවුන්සිලයට අයිතියක් නෑ. මේ අවස්ථාවේදි මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කර ඇති වාර්තාවේ අපි දකින දුර්වලතාවය ඒකයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික ආරක්ෂාව, අනපනත්, ත්‍රිවිධ හමුදාවලට ඉදිරිපත් කර ඇති මැදිහත්වීමට කිසිම බලයක් හෝ අයිතියක් නෑ. මෙය නරක පුර්වාකර්ශයක්. මෙය ලෝකයේ අනෙක් රටවල් වලටත් විශාල තර්ජනයක්. අද ශ්‍රී ලංකාවට  අයත්වන ඉරණම අනෙක් රටවලටත් බලපානවා. දේශපාලන තක්සේරු කිරීමේදි ඒ සාධාරණව හා විෂය මුලිකව කටයුතු කල යුතුයි.

30 අවුරුදු යුද්ධයෙන් පස්සේ උතුරු පළාතේ සංවර්ධනය මගේ ඇසින්ම දැක්කා. මහා මාර්ග, විදුලිබලය, පාසැල්, රෝහල්, ජීවනෝපාය මාර්ග දැවැන්ත ප්‍රගතියක් කාටත් පෙනවා. ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය ලබාදුන් ප්‍රතිඥා සම්පූර්ණ කරලා තියෙනවා. LTT ක්‍රියාකාරි පිරිස් පුනරුත්තාපනය කරලා තමයි අවසානය කරලා සමාජයට යැව්වේ. එය රජයට අමාරු කාරණයක්. සාධාරණ තක්සේරුවක් කළ යුතුයි. මුලික ඉඩම් වලින් පෞද්ගලික ඉඩම්වලින් 88% හමුදාව අයින් වෙලා අතුරුදහන් වූවත් සොයා බැලීමට කොමිෂමේ කාර්යාලයේ වැඩ කටයුතු, කර්මාන්ත හා කෘෂිකර්මය නංවාලීමට උත්සහය පිළිබඳව සැහැමකට පත් කල යුතුයි. රටවල් පිළිබඳව විමර්ශනය කිරීමේදි එකම මිණුම් දසණ්ඩකින් සැලකිය යුතුයි. සමහර රටවල් පිළිබඳ දැඩි විවේචනය කරන අතර අනෙක් රටවල් ආරක්ෂා වළල්ලක් ඇති කර සුදු හුණු ගෑමක් තිබෙන්නේ. ශ්‍රී ලංකාව අසාධාරණයට ලක්වි ඇත. එක්සත් ජාතින්ගේ මූලධර්මවල කැපි පෙනෙන ලක්ෂණයක් වන්නේ රටක ස්වෛරිභාවය පිළිඹු කරන දේශීය ආයතනවල පිළිගැනීමක් ගෞරවයක් දැක්විය යුතුය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් දුරට ක්‍රියාත්මක වි තිබෙන පාඩම් ඉගෙන ගත් සහ සංහිදියාව සහිත කොමිෂන් පත් කරලා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා කොමිෂන් සභාවත් පත් කරලා මෙතෙක් දුරට තියෙන  වැඩ පිළිවෙල පිළිබඳව සොයා බලා මාස 06 ක් තුළ ඉදිරිපත් කල යුතුය. මේ පිළිබඳව සුභවාදිව බලන්න ඕන. වපර ඇහින් බලන්නේ නැතිව. මොන විමර්ශනයක් කරත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවධානය යොමු කරන්න ඕන. මේ ගැන අවධානය යොමු නොකර රටකට සාධාරණය ඉෂ්ඨකර නොහැක. මේ ප්‍රතිපත්තිය රාමුව තුළ තමයි ශ්‍රී ලංකාව ප්‍රතිචාරයක් දක්වන්නේ.

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09