ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (09) පෙරවරුවේ මෙම සාකච්ඡාවපැවැත්වෙනවා .
මෙම විශේෂ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්, රමේෂ් පතිරණ, සංජිව එදිරිමානන, ලක්ෂ්මන් යාපා යන අය එක්ව සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් මෙම සාකච්ඡාව සඳහා එහි සභාපති නිමල් සිරිපාල, ලේකම් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වුණේ.
වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකරන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
