AFC Banner
Empty Ad
Empty Ad

බසයකින් ඇද වැටී පුද්ගලයෙක් මියයයි

මතුගම සිට නෙළුව දක්වා ධාවනය වූ බස් රථයක ගමන් ගත් මගියෙක් එම බස් රථයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) පස්වරුවේ නෙළුව නගරය ආසන්නයේ දී මෙම පුද්ගලයා බස් රථයෙන් ඇද වැටී ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ තීනියාවල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්.

මියගිය තරුණයා බස් රථයෙන් බැසීමට සූදානම් වූ අවස්ථාවේ පා පුවරුවෙන් ඇද වැටී අවාසනාවන්ත අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?