බල හුවමාරුව ඉක්මනින්ම කරගන්න – නීතීඥ සංගමය

වත්මන් ජනපතිවරයාගේ සිට වැඩ බලන ජනපතිවරයා දක්වා බලය හුවමාරුව ඉතාමත් ඉක්මනින් සාමකාමීව සිදු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතු බවයි කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තවද ජනපති ලේකම් කාර්යාලය, ජනපති මන්දිරය හා අරලිය ගහ මන්දිරයේ සිටින ජනතාව එම පරිශ්‍රවල පවතින සම්පත්වලට හානි කිරීමෙන් වළකින ලෙසද ඔහු අරගලකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?