AFC Banner
Empty Ad
Empty Ad

බලු, පූස් යාළුවන්ටත් කොවිඩ් පරීක්ෂණ!

සුරතල් බළලුන් සහ බල්ලන් හට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන් හට කොවිඩ් පරීක්ෂණ සිදුකරන බවට දකුණු කොරියාවේ සෝල් අගනුවර මෙට්‍රොපොලිටන් රජය පවසා ඇත.

බළල් පැටවෙකු හට කොවිඩ්-19 වැළඳී ඇතැයි මීට සති කිහිපයකට පෙර දකුණු කොරියාවෙන් වාර්තා වූ අතර, සතෙකු හට කොවිඩ් වැළඳී ඇති බවට එරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.කෙසේවෙතත්, මෙලෙස කොවිඩ් පරීක්ෂාවට ලක්කෙරෙන්නේ එම රෝගය වැළඳී ඇති මිනිස් වාහකයන්ට නිරාවරණය වීමෙන් අනතුරුව උණ හෝ ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන සුරතල් සතුන් පමණක්ය.

කොවිඩ් පරීක්ෂණය ධනාත්මක වුවහොත් එම සුරතල් සත්ත්වයා නිවස තුළ නිරෝධායනය කළ යුතු වේ.මිනිසුන් හා සතුන් අතර කොවිඩ්-19 බෝවිය හැකි බවට මේ දක්වා කරුණු ඔප්පුවී නැති බැවින් එවැනි සතුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යැවීමට අවශ්‍ය නොවන බව එරට බලධාරීන් පවසා ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?