බලි තොවිල් කර හෝ රටේ හොල්මන් ඉවත් කළ යුතු බව මිහින්තලා විහාරාධිපති හිමි වැඩ බලන පොලිස්පතිට කියයි

දේශපාලන බලපෑමකින් තොරව රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සහයෝගය දැක්විය යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.

බලි තොවිල් සිදු කර හෝ රට තුළ පවතින විවිධ හොල්මන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ කියාසිටියේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ එම හිමියන් මෙම අදහස් පළ කර තිබෙනවා.

වෙහෙර විහාරස්ථාන ඉදිරිපිට මෙන්ම පාසල් තුළ ද සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය ඉවත් කර රටතුල ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෘජු තීන්දු තීරණ ගැනීමට හැකිවන පරිදි පොලිස්පති ධුරය සඳහා වැඩ බලන පොලිස්පතිවරයා පත් කිරීමට කටයුතු කළ යුතු බව ද නායක හිමියන් සඳහන් කළා.

සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඊයේ සවස මිහින්තලා පුදබිමට පැමිණි වැඩ බලන පොලිස්පතිවරයා හමුවේ නායක හිමියන් කියාසිටියේ අවශ්‍යතාව ඉටුකර ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ හා හර්තාල් සිදුකරන ජනතාවට හිරිහැර කිරීම වෙනුවට ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළහොත් එය ඉතිහාසගත වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07