spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලි තොවිල් කර හෝ රටේ හොල්මන් ඉවත් කළ යුතු බව මිහින්තලා විහාරාධිපති හිමි වැඩ බලන පොලිස්පතිට කියයි

දේශපාලන බලපෑමකින් තොරව රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සහයෝගය දැක්විය යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.

බලි තොවිල් සිදු කර හෝ රට තුළ පවතින විවිධ හොල්මන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ කියාසිටියේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ එම හිමියන් මෙම අදහස් පළ කර තිබෙනවා.

වෙහෙර විහාරස්ථාන ඉදිරිපිට මෙන්ම පාසල් තුළ ද සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය ඉවත් කර රටතුල ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෘජු තීන්දු තීරණ ගැනීමට හැකිවන පරිදි පොලිස්පති ධුරය සඳහා වැඩ බලන පොලිස්පතිවරයා පත් කිරීමට කටයුතු කළ යුතු බව ද නායක හිමියන් සඳහන් කළා.

සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඊයේ සවස මිහින්තලා පුදබිමට පැමිණි වැඩ බලන පොලිස්පතිවරයා හමුවේ නායක හිමියන් කියාසිටියේ අවශ්‍යතාව ඉටුකර ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ හා හර්තාල් සිදුකරන ජනතාවට හිරිහැර කිරීම වෙනුවට ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළහොත් එය ඉතිහාසගත වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?