බලශක්ති සංරක්ෂණය සඳහා බංග්ලාදේශය විශ්වවිද්‍යාල වසා දමයි

මැදපෙරදිග ගැටුම සමග ඇතිවන බලශක්ති අර්බුදයක් මධ්‍යයේ විදුලිය සහ ඉන්ධන සංරක්ෂණය කිරීමේ හදිසි පියවරවක් ලෙස රාමසාන් නිවාඩුව කලින් ලබා දී බංග්ලාදේශය සඳුදා සිට සියලුම විශ්ව විද්‍යාල වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය විදුලි පරිභෝජනය අඩු කිරීම පමණක් නොව, ඉන්ධන නාස්තියට හේතු වන රථවාහන තදබදය ද ලිහිල් කරනු ඇතැයි එරට බලධාරීන් පවසනවා.

ඉස්ලාමීය ශුද්ධ වූ රාමසාන් මාසය සඳහා බංග්ලාදේශයේ රජයේ සහ පෞද්ගලික පාසල් දැනටමත් වසා දමා තිබෙනවා.

මැදපෙරදිග පවතින ගැටුම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළට සිදුවන බාධා හේතුවෙන් බංග්ලාදේශය ඉන්ධන සහ ගෑස් සැපයුම් සම්බන්ධයෙන් ඉහළ යන අවිනිශ්චිතතාව මෙම තීරණයට හේතුවයි.

ජනතාවගේ හදිසි මිලදී ගැනීම් සහ ඉන්ධන තොග ගබඩා කිරීම් හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ඉන්ධන අලෙවිය සඳහා දෛනික සීමාවන් පැනවීමට ද බංග්ලාදේශ බලධාරීන් පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !