යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ සභාපතීත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කිරීමට ඊයේ (17) තීරණය වුණා.
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව ඊයේ (17) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගනු ලැබුවා.
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාවේදී සළකා බැලීමෙන් අනතුරුව මෙම අනුකාරක සභාව පත් කිරීම සිදු කළා.
බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ නායකත්වයෙන් යුතු මෙම අනුකාරක සභාව හරහා මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉදිරි සාධනීය පියවර ගැනීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමටත් අවශ්‍ය නිර්දේශයන් ලබාදීමටත් අපේක්ෂා කෙරෙනවා.




