AFC Banner
AFC Banner
Empty Ad

බලශක්ති ඇමතිගෙන් කථානායකවරයාට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරන බව සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මේ බව සඳහන් කළා.

මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිඳු බාහිර ආයතනයක් හෝ තෙවන පාර්ශ්වයක් සම්බන්ධ කරගැනීමක් නොකර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම තම ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම ලෙස තම සමාගම අදහස් නොකරන බව ද එමඟින් දන්වා තිබෙනවා.

මේ අතර සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම මෙරට සිදුකිරීමට නියමිත මෙහෙයුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සහ ඇතැම් මාධ්‍යවල පළ වූ අසත්‍ය ප්‍රකාශ සහ චෝදනා සම්බන්ධයෙන්, අදාළ පාර්ශ්ව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු නීතිමය සහ විනය කටයුතු සිදුකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

01 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?