බලපත්‍ර නොමැතිව අධිවේගයේ මගීන් ගෙන ගිය බස්වලට නඩු (වීඩියෝ)

කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන මුවාවෙන් සාමාන්‍ය මගීන් අධිවේගී මාර්ගය හරහා අනවසරයෙන් කොළඹට ප්‍රවාහනය කළ බස් රථ 4කට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසනවා.

අද උදෑසන කොට්ටාව අධිවේගී පිවිසුම අසල දී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලිසිය එක්ව සිදු කළ වැටලීමකින් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

සාමාන්‍ය මගීන්ගෙන් හා බලපත්‍රලාභී මගී ප්‍රවාහන බස් රථ හිමියන්ගෙන් මගී ප්‍රවාහන අධිකාරියට ලැබුණු තොරතුරුවලට අනුව පොලිසිය හා එක්ව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

සාමාන්‍ය මගීන් මෙන්ම ආසන ගණන ඉක්මවා හිටගෙන යන මගීන් ද මේ අතර සිටි අතර අධිවේගී මාර්ගයේ වාහනවල හිටගෙන ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මෙම වැටලීමේ දී මතුගම, කළවාන, බදුරලිය, ඇල්පිටිය, නෙළුව ඇතුළු ප්‍රදේශ ගණනාවක සිට කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථවලින් මුදල් අයකරගෙන සාමාන්‍ය මගීන් කොළඹට ප්‍රවාහනය කල බස්රථ 4ක බලපත්‍ර පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස්රථ විස්සක් පමණ මෙහිදී පරීක්ෂා කර ඇති අතර, අනවසරයෙන් සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කළ බස්රථ 4ක් අනාවරණ වීම හේතුවෙන් ඔවුන්ගේ බලපත්‍ර පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

https://youtu.be/nqYuHguLf2s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33