බලපත්‍රයක් නිකුත් කිරීමට අල්ලස් ගත් නිලධාරියෙකුට වසර 22ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම්

තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක ගසක් කැපීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ගැනීමේ චෝදනාවට වරදකරු වූ ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණය අද (25) බරපතළ වැඩ ඇතිව වසර 22ක සිරදඬුවමක් සහ රුපියල් 30,000ක් දඩයක් නියම කළා.

එම දඩ හා සිරදඬුවම්වලට අමතරව අල්ලස් පනතේ 26 වැනි වගන්තිය අනුව අල්ලස් ලෙස ගත් රුපියල් ලක්ෂයක මුදල දඩයක් ලෙස අයකර ගැනිමට ද නියෝග කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ ඇතිව වසරක සිරදඬුවමක් ප්‍රධාන සිරදඬුවමට අමතරව ගෙවී යන පරිදි මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් නියම කළා.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 17 (4) වගන්තිය යටතේ අගතියට පත් ලීමෝල් හිමියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට අමතරව නියම වුණා.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ වී. එම්. කමල් මංජුල නමැති 67 හැවිරිදි අනුරාධපුර පදිංචි හිටපු වන ඉඩම් නිලධාරියකුටය.

වරද සිදු කළ දිනට මාස 6කට පසු විත්තිකරු විශ්‍රාම යෑමට නියමිතව සිටියා.

දූෂණ චෝදනාවකට වරදකරු වීම නිසා චූදිතට විශ්‍රාම වැටුප් හිමිකම ද අහිමි වනු ඇති.

මහවැලි කලාපවල පදිංචිකරුවන් ඔවුන්ගේ ඉඩම්වල පිහිටි ගස් කැපීමේදී කලාප කාර්යාලයෙන් බලපත්‍රයක් ලබාගත යුතු වනවා.

පැමිණිලිකරු එම ඉඩම්වල ගස් මිලදී ගෙන ඒවා කුට්ටිකර මොරටුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ලීමෝල් හිමිකරු ඔහු මිල දී ගත් ගස් කැපීම සඳහා ප්‍රාදේශීය කාර්යාලයෙන් බලපත්‍රයක් ඉල්ලා සිටි විට විත්තිකරු එයට අනුමැතිය දීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා තිබෙනවා.

ලීමෝල් හිමිකරු ඉන් රුපියල් 25,000ක මුදලක් දී තිබෙනවා.

එවිට ඉඩම් හිමිකරු ගස් තුනක් කැපීම සඳහා පමණක් බලපත්‍ර නිකුත් කර ඉතිරි බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් 75,000ක් ඉල්ලා තිබෙනවා.

ලීමෝල් හිමිකරු මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දුරකතන ඇමතුමක් මගින් පැමිණිල්ලක් දී තිබෙනවා.

උපයා දූතයකු යොදවා විත්තිකරු අල්ලස් මුදල් ගන්නා අවස්ථාවේදී 2016 වසරේදි මාර්තු 18දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අල්ලසක් ඉල්ලා භාර ගැනීම සහ එයට අනුබල දීම ඇතුළු වැරැදි 6කට අල්ලස් පනතේ 19 (අ) සහ (ඇ) වගන්ති යටතේ චෝදනා ගොනුකර තිබුණා.

විත්තිකරුට එරෙහි පැමිණිල්ල විසින් ඉදිරිපත්කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව සනාථකර ඇති බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් නියම කළා.

පෙරියන්කුලම ප්‍රදේශයේ පදිංචි එච්. කරුණාරත්න නැමැති ලීමෝල් හිමියකු විසින් මෙම පැමිණිල්ල කර තිබූ අතර ඔහුට බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට නියම වුණා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සමඟ සහකාර අධ්‍යක්ෂ (නීති) කසුන් ගුණවර්ණසූරිය මහතා පැමිණිල්ල මෙහෙය වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
9
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?